Saturday, October 28, 2017

‌නව මුහුණුවරක් :


ෆේස්බුක් Messages සියල්ලම එක ක්ලික් එකෙන් මකන්න පුළුවන් Chrome Extension එකක් :


ෆේස් බුක් Inbox වල සමහර අයගේ තියෙනවා නේ Messages 600 - 700 විතර සමහර විට ඊටත් වැඩි

ඕවා එකෙන් එක මකන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ

ඕකට තියෙනවා Chrome වල නියම Extension එකක් මේ Extension එකේ නම Message Cleaner මේ Extension එකෙන් පුලුවන් එක ක්ලික් එකෙන් ඔය Messages සියල්ලම විනාඩියක කාලයකදී මකලා දාන්න.

ඔය Extension එක මුලින් ම මෙතනට ගිහිල්ලා ඔයාගේ Chrome වෙබ් බ්‍රවුසර් එකට Install කරගන්න. https://chrome.google.com/webstore/detail/message-cleaner/dcanahkfmlgbgmnjlcmpmjcmbldniele

1. ඊළගට ෆේස් බුක් එකේ Messages වලට ගිහිල්ලා 'Message Cleaner' Extension එකේ Icon එක ක්ලික් කරන්න.

2. ඊළගට Delete All Messages ඔබන්න. එචරයි Messages සියල්ලම මැකෙනකන් ඔයාට බලන්න ඉන්න විතරයි දැන් තියෙන්නේ.

අහස නිල් පාට ඇයි?


"අපි හැමෝම හැමදාම දකින් නිල් වන් අහස! ඒත් ඇයි අහස නිල පාට විතරක්! රතුපාට,කොළ පාට,කහ පාට වෙන්න තිබුනනෙ." ඔන්න ඔය වගේ ප්‍රශ්ණ කාට කාටත් ඇවිල්ලා ඇති.ඉතින් මම අද කියන්න යන්නෙ අපට පෙනෙන මේ අහස නිල් පාට ඇයි කියල.

අපි හැමෝම දන්නවා සූර්‍ය ආලෝකය වර්ණ හතකට බෙදෙනවා ඒ රතු,තැඹිලි,කහ,කොළ,නිල්,ඉන්ඩිගෝ,දම් වශයෙන්.අපි පොඩි කාලෙනම් ඕක මතක තියාගත්තෙ රන් තැඹිලි කඩන කොල්ලෝ නිල් ඉබ්බන් දකී කියන කවියෙ.මෙන්න මේ ආලෝකයේ වර්ණ ආශ්‍රයෙන් තමයි අපිට අහස නිල් පාටට පෙනෙන්නේ.


වායුගෝලයෙ නයිට්‍රජන්, ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ් වගේ වායුන් රැසකින් හැදිලා තියෙන්නෙ.මෙන්න මේ වායු එකතුවෙලා ස්ථර වශයෙන් වායුගෝලයේ තිබෙනවා.අන්න ඒ වායු ස්ථර අතරින් ආලෝකය ගමන් කරනකොට ආලෝකය වර්තනයකට ලක්වෙනවා (වර්තනය කියන්නේ එක් පාරදෘශ්‍ය මාධ්‍යක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යක් දක්වා ආලෝක කිරණ ගමන් කරන විට එම කිරණ නැමී ගමන් කිරීම.) මෙසේ ආලෝකයේ ඇති වර්ණ වර්තනයට ලක්වෙලා අපේ ඇසට වැඩිපුර පැමිනෙන්නේ ආලෝකයේ වර්ණ අතරින් නිල් පැහැය විතරයි. අන්න ඒ නිසයි අපට අහස නිල් පාටට පේන්නේ.


ඉර බැහැගෙන යනකොට පෘථිවිය හා ඉර අතර කෝණය වෙනස් වෙන නිසා අපේ ඇහැට රතු,කහ වගේ වර්ණයන් පැමිනෙනවා ඒ නිසා අපිට ඉර බැහැගෙන යනකොට අහස රතු පාටට දකින්න පුලුවන්!

අනාගත නිවාස ආරක්ෂාවේ අධි-තාක්ෂණය :



නිවෙසක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු අතරින් 20%ක් වැදගත්කමක් නිවසෙහි ආරක්ෂාවට හිමි වන බව සමීක්ෂණවලින් පෙන්වා දී තිබේ. වර්තමානයේ නිවෙස්හි ආරක්ෂාව,තාක්ෂණීක දියුණුව හේතුවෙන් අන් කවරදාකටත් වඩා පහසුවී තිබේ.  මෙම ගෘහස්ථ තාක්ෂණයේ තවදුරටත් සිදුවන වර්ධනය හේතුවෙන් නුදුරු අනාගතයේදි අපට
Hyper-Secure connected smart homeසංකල්පයට පවා ලඟාවිය හැක. පහත සඳහන් වන්නේ අනාගතයේ අපට දක්නට ලැබෙන එවන් තාක්ෂණික වෙනස්කම් කිහිපයකි, 


Door Fingerprint Reader 
මෙහිදී දොරෙහි හෝ ගේට්ටුවෙහි අගුලට ඇඟිලි සලකුණු සංවේදකයක් සවිකෙරේ. එමගින් දොරගුල කරකවන්නාගේ ඇඟිලි සලකුණු සටහන් කර ගැනෙන අතර එය ගබඩා කර ඇති අවසරලත් පුද්ගලයන්ගේ දත්ත සමඟ සසඳා බලා අනන්‍යතාව තහවුරු කර ගැනේ. එසේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකිවිට එසේ ඇතුලුවන්නාගේ ඡායාරූපයක් සමඟ දැනුම්දීමක් නිවෙස් හිමියාගේ ජංගම දුරකථනයට මෙන්ම ආරක්ෂක නිළධාරීන් වෙතද ලැබෙනු ඇත.


Cross-Checking Facial Recognition
වඩාත් පහසුවෙන් නිවෙසට ඇතුලුවන්නන් හඳුනාගත හැකි තාක්ෂණයකි. දොරෙහි සවිකර ඇති facial recognition උපකරණයක් ආධාරයෙන් ඇතුලුවන්නාගේ දත්ත ඔබගේ සමාජ-ජාලා වෙබ් අඩවි හරහා සම්බන්ධ කල හැක. එයට අමතරව අදාල පණිවුඩ පොලිසිය වෙත යොමුකිරීමේ හැකියාව හේතුවෙන් යම්කිසි අපරාධයකදී ක්ෂණිකව ක්‍රියාකල හැක.


Full Smart-Home
නිවසෙහි සියලු සේවාවන් ස්මාර්ට් ජංගම දුරකථනයක් හා සම්බන්ධ කරනු ලබන මෙම තාක්ෂණය Universal remote සංකල්පය හා සමාන වේ. ආලෝක සහ විද්‍යුත් උපාංග හා සම්බන්ධ චලන සංවේදක වල ක්‍රියාකාරීත්වය වහා ඔබගේ දුරකථනයට දැනුම්දෙනු ලැබේ. තවද ආරක්ෂක පද්ධතිය තම ජංගම දුරකථනය හා සම්බන්ධව ඇති හෙයින් අනවසර ඇතුලුවීමකදී ඇතුලුවන්නාගේ ඡායාරූපයක් දුරකථනයට ලබා ගැනීමේ හැකියාවද පවති.


Cyber-Security is Improved

තාක්ෂණය අප ජීවිතයේ සෑම පැත්තක්ම ආක්‍රමණය කරමින් පවති, විශේෂයෙන් ගෘහස්ත තාක්ෂණය. අනෙක් පසින් මේ හා සම්බන්ධ ප්‍රධාන තර්ජනයක්ද වේ. එනම් අපරාධකරුවන්ද මෙම තාක්ෂණය තම අපරාධ සඳහා යොදා ගැනීමට ඇති හැකියාවයි. මේ හේතුවෙන් කිසියම් තර්ජනයක් කල්තියා හඳුනාගැනීමේ හැකියාවෙන් යුක්තව මුළුමනින්ම අපාරගම්‍ය Cyber-Security පද්ධතියක් තිබීම ඉතා වැදගත් වේ. මීට එක් විකල්පයක් වශයෙන් automatic IP back තාක්ෂණය හරහා අපරාධකරුවාට නොදැනී පොලීසිය වෙත සංඥාවක් යොමුකල හැක. 
ලිපිය ලිව්වේ
ගයාන් දිසානායක
www.lamudi.com

Windows පරිගණකයක admin account එකට පාස්වර්ඩ් නොමැතිව ලොග් වෙන හැටි :

මෙහිදී ඔබේ පරිගණකයට සිදුවනා හානි පිලිබඳව කිසිඳු වගකීමක් අප දරන්නේ නැත.මෙය හුදෙක් අධ්‍යාපනික ප්‍රයෝජනය සඳහා පමණි.
(මෙහි දැක්වෙන රූප අපැහැදිලි නම් එම රූප මත එබීමෙන් ඒවා විශාල කර බැලිය හැකිය)

පළමුවෙන්ම ඔබේ පරිගණකය ක්‍රියාත්මක කරන්න එවිට පහත පරිදි boot screen වෙත පැමිණි විට පරිගණකය එකවරම ක්‍රියාවිරහිත කරන්න.(power බොත්තම දිගටම ඔබාගෙන සිටි විට පරිගණකය ක්‍රියාවිරහිත වේ.මෙසේ සිදු කිරීමෙන් ඔබේ පරිගණකයට කිසිඳූ හානියක් සිදුනොවේ.)



ඉන්පසුව නැවත පරිගණකය ක්‍රියාත්මක කරන්න.එවිට පහත පරිදි මෙනූවක් ඔබට දැකගත හැකි වනු ඇත.


එම මෙනූවේ ඇති "Launch Startup Repair" යන්න තෝරා enterබොත්තම ඔබන්න.
එවිට Startup Repair  ක්‍රියාත්මක වේ.මද වේලාවක් ගිය පසු පහත රූපයේ දැක්වෙන ආකාරයට වින්ඩෝවක් ඔබට ලැබේවි.එහි cancel බොත්තම ඔබන්න. 


cancel බොත්තම එබූ පසු පහත පරිදි වින්ඩෝවක් දිස්වේවි.එහි Show problem details ඔබා පහලට යන්න.ඉන්පසුව එහි  x:\widows\system32\en-us\erofflps.txt යන ලින්කුව මත කලික් කරන්න.




එවිට පැමිණෙන notepad එකෙහි   File/Open යන්න.ඉන්පසුව local disk (:c) වෙත යන්න.(සාමාන්‍යයෙන් ඔබේ මෙහෙයුම් පද්ධතියට අදාල file පවතින්නේ c partition එක තුලය)
ඉන්පසුව එහි ඇති widows ෆෝල්ඩරයට යන්න.ඉන්පසුව  windows folder එක තුල ඇති system 32 ලෙස නම් කර ඇති ෆෝල්ඩරය තුලට යන්න.

system 32 ෆෝල්ඩරයට ඇතුලු වූ පසු පහලින් ඇති "Files of type" සඳහා All files යන්න ලබා දෙන්න.
ඉන්පසු sethc යනුවෙන් ඇති ෆයිල් එක සොයාගන්න.ඉන්පසුව එය  sethc 1 ලෙස rename කරන්න.



එසේ කිරීමෙන් පසුව system 32 ෆෝල්ඩරය තුලම ඇති cmd යන ෆයිල් එක සොයාගන්න.සොයාගත් පසු එය copy කර එම ෆෝල්ඩරයටම paste කරන්න.
එසේ paste කරගත් file එක  "cmd-Copy" ලෙස දිස් වේ.එය නැවත sethc ලෙස නම් කරන්න.





දැන් ඔබේ පරිගණකය restart කරන්න.restart කිරීමෙන් පසුව නැවත login screen එකට පැමිණි විට shift key එක පස් වරක් ඔබන්න එවිට පහත පරිදි command prompt එක විවෘත වේ.



එහි net localgroup Administrators ලෙස type  කර enter ඔබන්න.මෙහිදී ඔබට ඔබේ පරිගණකයේ admin accounts දිස් වේ.
ඉන්පසුව command prompt එකෙහි net user <ACCOUNT NAME HERE> * ලෙස ටයිප් කොට enter ඔබන්න .මෙහි  <ACCOUNT NAME HERE> යන්න වෙනුවට ඉහතදී දිස් වූ admin accounts අතරින් ඔබට ලොග් වීමට අවශ්‍ය account එකෙහි නම දෙන්න.

උදා:- මට ලොග් වීමට අවශ්‍ය account එකෙහි නම nipuna නම් මෙය net user nipuna * ලෙස විය යුතුය.

එසේ කිරීමෙන් අනතුරුව පහත දක්වා ඇති ලෙස නව මුරපදයක් ^password) ඇතුලු කිරීමට පැමිණේ.ඒ සඳහා ඔබට කැමති මුරපදයක් එක් කොට enter ඔබන්න.ඉන් පසුව නැවතත් එම මුරපදයම යොදා enter ඔබන්න.


සුභ පැතුම්! දැන් ඔබට ඉහත ඔබ ඇතුලු කල මුරපදය යොදා ඔබේ පරිගණකයට ඇතුලු විය හැකියි!

ඔබේ සිම්ප‍තෙන් වැඩගන්න-සිම්ප‍ත ගැන නොදන්න කරුණු ටිකක් :


Dialog
  • සිම් එක කාගෙද - #132# 
  • තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1# 
  • ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය# 
  • ගිණුමේ ශේෂය - *#456# 
  • අමතර අවශ්‍යතා - #107# 
  • සම්බන්දතාවය ගැන විස්තර #678# 
  • ණයක් ගන්න - #356# 
  • කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න.
  • එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න. 
  • Star Points බලාගන්න - #141# 
  • Call Waiting Activate කරන්න - *#43# 
  • Missed call Alert Active කරගන්න - **62*0777012012# 
  • Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න ) 
  • KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න.
  • පෙරගෙවුම් වයිෆයි පැය 2 - WIFI<space>50 පැය 4 -WIFI<space>100 පැය 12 - WIFI<space>200 පැය 20 WIFI<space>400 පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න. ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න. 
Mobitel 
  • සිම් එක ගැන විස්තර - #132# 
  • ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය# 
  • ගිණුමේ ශේෂය බලාගැනීමට - *100# 
  • ණයක් ගැනීමට - #247# 
  • ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල# 
  • GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222# 
  • M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න.
  • Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න. දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක ) 
Hutch 
  • සිම් එක ගැන විස්තර #132# 
  • ගිණුමේ ශේෂය *344# 
  • Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000# 
  • Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න 
  • Sms Free Hutch to Hutch පැකේජය *222# 
Etisalat 
  • සිම් එකේ විස්තර දැනගැනීමට #132# 
  • ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න. ගිණුමේ ශේෂය දැන ගැනීමට #134# 
  • Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න.
  • Call A tune සදහා *359 අමතන්න.
  • සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න.
  • mobile broadband දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29 දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49 මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න. 
  • Etisalat Service - #111# 
Airtel
සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570# 
ගිණුමේ ශේෂය දැන ගැනීමට *555# 
ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්# 
GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න. 
පසුගෙවුම් සබදතා සදහා 
Outstanding balance - *555*1# * Unbilled balance - *555*2# * Bill Summery - *555*3# * Payment Status - *555*4#