Ultra High-Definition එසේත් නැතිනම් 4K වීඩියෝ හා 4K TV පිළිබඳව මේ දිනවල වැඩිවශයෙන් කථාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වෙලා. ඇත්තටම මොකක්ද මේ 4K.
සමහර විට බොහෝ දෙනෙක් දැන් යන්තම් යන්තම් 1080p (තවුසන්ඩ් එයිටි) එසේත් නැතිනම් HDTV භාවිත කරන්නට හුරු වුනා විතරයි මෙන්න තවත් වීඩියෝ ෆෝමිට් එකක්. ඇත්තටම 4K කියන්නේ වීඩියෝ ෆෝමැට් එකක් නෙවෙයි. එහෙනම් මොකක්ද මේ 4K. නිළ වශයෙන් දැන් 4K හඳුන්වන්නේ Ultra HD ලෙසයි. 4K අත්දැකීම විඳගන්න මොනවාද ඔබ සතු විය යුතු උපකරණ.
මොකක්ද මේ 4K?
Ultra HD (4K), හෙවත් Ultra High Definition කියන්නේ HDTV හි මීළඟ පියවර. Consumer Electronics Association (CEA) විසින් හඳුන්වන පරිදි Ultra HD රූපවාහිනි යන්ත්‍රයක අවම වශයෙන් මිලියන 8ක් වත් pixels අඩංගු විය යුතු යි. ඒ සඳහා එක් පැත්තකට 3,840 pixel හා අනෙක් පස 2,160 pixel වත් තිබිය යුතුය. මේ අගයන් වෙනස් විය හැකි නමුත් 4,096 – 3,112 වැනි ආකාරයද බහුලව භාවිත වේ.
1080p වලින් 4K වෙනස් වන්නේ කෙසේද?
අසන්න වශයෙන් ගත් විට Ultra HD (4K) කියන්නේ HDTV ( 1920p – 1080p ) මෙන් 4 ගුණයක්. එසේ වුනත් සාමාන්‍ය භාවිතයේදී නම් 4K වීඩියෝ පට වල ගුණාත්මක බව බොහෝ සෙයින් අඩු කළ යුතුයි. නැතිනම් තත්පරයට රූප රාමු 30 ( 30fps ) වලින් රූගත කරන ලද පැය 2ක වීඩියෝ පටයක් තැම්පත් කරන්නට 55 TB ( 1024 GB = 1 TB ) තරම් අති විශාල ධාරිතාවයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම 4K විඩියෝ පට බාධාවකින් තොරව ධාවනය වන්නට නම් අවම වශයෙන් 1GB per second (තත්පරයට 1GB) සම්බන්ධතාවයක් වත් අවශ්‍ය වනවා. ඒ අනුව ඔබට වේගවත් දෘඩා තැටි (Hard Drive) හෝ අතිශය වේගවත් අනතර්ජාල සම්බන්ධතාවක් අවශ්‍ය වනවා. (දැනට ලංකාවේ සාමාන්‍ය භාවිතයේ ඇති කිසිදු අන්තර්ජාල සම්බන්ධතාවක් මේ තරම් වේගවත් නැත.)
ඒ වාගේම ඔබ දැනට භාවිත කරන HDML කේබල් ඉවත් කිරීමටත් ඔබට සිදු වේවි. 4K වීඩියෝවක් 30fps වලින් ධාවනය වීමට අවම වශයෙන් HDMI 1.4 කේබල් භාවිත කරන්නට සිදු වනවා.
සිතන්න අඟල් 52ක අති විශාල TV යන්ත්‍රයක්. එය HDTV (1080p) නම් එහි එක පැත්තකට පික්සල් 1920 ද අනෙක් අතට පික්සල් 1080ක්ද ඇත. නමුත් ඒ ප්‍රමාණයේම එනම් අඟල් 52ක 4K හෙවත් Ultra HD TV යන්ත්‍රයක් නම් එහි එක් පැත්තකට පික්සල් 4096ක්ද අනක් අතට පික්සල් 2160ක් ද ඇත. එවිට එක සමාන ඉඩක වැඩි පික්සල් ප්‍රමාණයක් අඩංගු වන්නේ 4K TV යන්ත්‍රෙය් බව ඔබට පැහැදිලි වනු ඇත.
සාමාන්‍ය පරිගණක මොනිටරයක නම් 4K තිරයක වෙනස බොහෝම පැහැදිලි වන අතර චිත්‍රපට බලන විට දී පවා සැලකිය යුත් පැහැදිලි බවක් දැකිය හැක. නමුත් පරිගණකයක හෝ ලැප්ටොප් එකක මෙන් TV ආසන්නයේ සිට නරඹන්නේ නැති නිසා එකමත එක යන තරමට ආසන්නයේ තිබෙන කුඩා කුඩා pixel ඇති 4K TV එකක සහ සාමාන්‍ය 1080p තිරයක විශාල වෙනසක් දැකිය හැකිදැයි ඔබට ගැටළුවක් වන්නට පුළුවන්. ඒත් ඔබ 4K තිරයක 4K විඩියෝවක් නරඹා ඇත්නම් ඔබට කිසිවිටක ඒ ගැටළුව පැන නොනැගෙනු ඇත.
ඒ වගේම මේ ලිපිය කියවන විට ඔබට වැටහෙන්නට ඇති 4K තිරයක් හෝ 4K වීඩියෝ පටයක් පමණක් තිබූ පමණින් හොඳ 4K අත්දැකීමක් විඳිය නොහැකි බව. ඔබ ඔබේ 1080p ලැප්ටොප් පරිගණකයේ Full Screen ලෙස 480p වැනි කුඩා වීඩියෝ පටයක් නරඹන විට ඔබගේ තිරය කොයිතරම් ප්‍රභල වුවත් හොඳ තත්වයේ පැහැදිලි දසුන් දිස් නොවන බව ඔබට ඕනෑ තරම් අත් දැකීම් ඇති.
4K වීඩියෝ පට ලබා ගන්නේ කෙසේද?
දැනට ලෝකයේ 4K චිත්‍රපට හෝ වෙනත් වීඩියෝ පට තරමක් දුලබ වුවත් YouTube හි සෙවීමෙන් ඔබ 4K විඩියෝ පට පහසුවෙන් සොයාගත හැක. ඒ වාගේම Netfilx නම් අනතර්ජාලය හරහා චිත්‍රපට හා ටෙලි නාට්‍ය මාලා බෙදාහරින සේවාවන් ද දැන් දැන් 4K විඩියෝ වෙත කෙමෙන් කෙමෙන් ඇදී එමින් පවතී. එමෙන්ම 4K තිර සහිත TV යන්ත්‍ර සඳහා නමක් හිමිකරගෙන සිටින Sony සමාගමද මීට දින කිහිපයකට පෙර Ultra HD Player (ධාවකයක් ද) හඳුන්වා දුන් අතර $699 කට මිලකර තිබූ ඒ උපකරණයේ Bad Teacher, Battle: Los Angeles, The Bridge on the River Kwai, The Karate Kid (2010), Salt, Taxi Driver, That’s My Boy, The Amazing Spider-Man, The Other Guysand Total Recall (2012) වැනි සුපිරි චිත්‍රපට කිහිපයක්ම 4K ලෙස නොමිලයේම ලබා දෙන ලදී.
ඔබට 4K චිත්‍රපටයක් නොමිලයේම නරඹා අත්දකින්නට Tears of Steel නම් Blender මෘදුකාංගය යොදාගනිමින් නිර්මාණය වූ චිත්‍රපටය නැරඹිය හැකියි. ඒ සඳහා යොමු පහතින් දැක්වෙන අතර අප ඉහතදී කතා කළ විවිධ ප්‍රමාණයේ වීඩියෝ පට පහතින් දැක්වා ඇත. ඒ අතුරින් 4K හා 1080p (1K) සසඳා බලන්න.
සැ. යු. ඔබ සතුව 4K රූපවාහිනියක් නොමැති වුවත් 4K වීඩියෝ පටයක වෙනස යම්තාක් දුරට ඔබගේ සාමාන්‍ය රූපවාහිනියේ හෝ පරිගණක තිරයේ දීද දැකිය හැක.
Download
FULL MOVIE – NEW VERSION (4K RENDERED)
HD 1920 pixels wide (~700MB, mov, 2.0) :: Mirror 1 (Netherlands) | Mirror 2 (Germany)
4K 3840 pixels wide (6.3 GB, mov) :: Mirror 1 (Netherlands)
4K DCP 4096 x 2160 (14 GB, Digital Cinema Package) :: Mirror 1 (Netherlands)
FULL MOVIE – FIRST VERSION (HD RENDERED)
HD 1080p (~560MB, mov, 2.0) :: Mirror 1 (Italy) | Mirror 2 (Netherlands) | Mirror 3
(Germany) | Mirror 4 (France)
HD 1080p (~550MB, MKV, 2.0) :: Mirror 1 (Italy) | Mirror 2 (France)HD 1080p (~545MB, webm, 2.0)
:: Mirror 1 | Mirror 2 | Mirror 3 | Torrent fileHD 720p (~365MB, mov, 2.0)
:: Mirror 1 (Italy) | Mirror 2 (Netherlands) | Mirror 3 (Germany) | Mirror 4 (France)
HD 720p (~365MB, MKV, 2.0) :: Mirror 1 (Italy) | Mirror 2 (France)
No comments:
Post a Comment