මුල් කාලයේ කාමරයක් පිරෙන්නට තරම් වූ පරිගණක ක්‍රම ක්‍රමයෙන් ප්‍රමාණයෙන් කුඩාවෙමින් පැමිණ වර්තමානයේ,ඉතාමත් කුඩා ප්‍රමාණයන්ගෙන් ද දැකගත හැක.එනම් අපගේ ඇදුම් මෙන් එදිනෙදා ඇගලා ගෙන යා හැකි තරම් වන ප්‍රමාණයට කුඩා වී ඇත.
Wearable Computerලෙස හැදින්වෙන්නේ මෙවන් ඇඳගෙන යා හැකි පරිගණකයි.මේවා අධි තාක්ෂණය යටතේ අත් ඔර්ලෝසු,රුධිර පීඩනය මැනීමේ උපකරණ මෙන්ම තොරතුරු තාක්ෂණය ඔබ යන තැන ගෙන යෑමට හැකි කුඩා පරිගණක යනාදිය වූ විවිධ ස්වරූපයන්ගෙන් එලි දක්වා ඇත.ප්‍රසිද්ධ Knight Rider කතාවේ Michael Knight සතු අත් ඔර්ලෝසුව ද මෙම කාණ්ඩයට දැමිය හැකිය. මෙවන් පරිගණක ප්‍රයෝජනය ට ගතහැක්කේ විවිධ වූ ක්ෂේත්රයන් බොහොමයක් ඇත.හැසිරීම් රටා නිරීක්ෂණයට,මානව අංග චලනයන් අධ්‍යනයට,අපගේ සෙ ඛ්‍ය පිළිබදව සොයා බැලීමට මෙන්ම තොරතුරු තාක්ෂණය අපගේ දෝතටම ගෙනවිත් දීමට මෙවන් පරිගණක සමත්ය.
රාජ්‍ය ආයතන ආරක්ෂක අංශ මෙන්ම වෛද්‍ය අංශය ද මෙම පරිගණක ඇදුම සිය කාර්යයන් සදහා යොදා ගනී. ඇඳගෙන යා හැකි පරිගණකවල විශේෂත්වය නම් එහි ක්‍රියාකාරිත්වය සදහා භාවිත කරන්නාගේ අවධානය අවශ්‍ය නොවීමයි.ඒ නිසා එය ඇඳගෙන සිටින කෙනාට සිය අත්,ඇස්,කටහඩ,තමාට අවශ්‍ය කටයුත්තක යෙදවීමට හැකිය.පරිගණකයනිසොල්මනේ තමාගේ කටයුත්ත කර ගනිමින් භාවිත කරන්නාට අවශ්‍ය උදව් සපයයි.
සාමාන්‍ය පරිගණකයකට වඩා මෙවන් පරිගණක වෙනස් වන්නේ ඉතාමත් නිරවද්‍ය හා එකදිගටම එම නිරවද්‍යතාවය පවත්වා ගෙන යාමට සමත් වීම නිසයි.(consistant)එ නිසා ඇඳගෙන යා හැකි පරිගණක ඉතාම විශ්වාසශීලි වේ.එමෙන්ම පරිගණකය හා එය භාවිතා කරන්නා අතර එක දිගටම අන්තර් සබදතා පවතී.එනම් එය කිසිවිටකත් නවතා දැමීමට හෝ පණ ගැන්වීමට අවශ්‍ය නොවේ.පැය 24 පුරාම එක දිගටම සිය සේවා සැපයිය හැකි ලෙස මෙවන් පරිගණක නිපදවා ඇත.
ඇඳගෙන යා හැකි පරිගණක වල ඇති තවත් විශේෂ හැකියාවක් නම්,එකවර ක්‍රියාවලි කිහිපයක් ඉටු කිරීමට ඒවාට හැකි වීමයි.මෙය Multi Tasking ලෙස ඉංග්‍රීසියෙන් හැදින්වේ.එහි ප්‍රයෝජනය වන්නේ එය යෙදී සිටින ක්‍රියාව නතර නොකරම තවත් ක්‍රියාවක් එවලේම සිදු කිරීමට වරම් තැබීමයි.එසේම අපගේ සිරුරේම කොටසක් ලෙස මෙවන් පරිගණක කටයුතු කරන නිසා එය අපගේ මනසට හෝ සිරුරට තවත් අමතර හැකියාවක් ලබා දීමක් වැනි වේ.
ඔබට තවත් අතක් හෝ තවත් මනසක් ඇත්නම් කොතරම් පහසු ඇද්දයි ඔබට සිතෙනු ඇත.මෙවන් පරිගණක මගින් යමතාක් දුරට සිදු කරනු ලබන්නේ එවන් ක්‍රියාවකි.
කලක් මෙවැනි සිරුරේම කොටසක් වන පරිගණක ගැන තිබූ ආකල්පය වූයේ ඒවා මගින් මිනිසා රොබෝ කෙනකු බවට පත් කරනු ඇති බවයි.විශේෂයෙන්ම Robocop හා Terminator වැනි බටහිර සිනමාපට මගින් මෙවන් මිනිසුන් ගැන කතාබහ කෙරුණි.නමුත් වර්තමානයේ ඒවා වඩාත් මිනිසා ට සමීප වන අයුරින් නිපදවේ.මිනිසා ඊට වහල්වනු වෙනුවට මෙවන් පරිගණක වලින් වඩවඩාත් සිය එදිනෙදා කටයුතු පහසු කර ගැනීමට පෙළඹී ඇත.එමෙන්ම ඇඳගෙන යා හැකි පරිගණක ද තව තවත් කාර්යක්ෂම හා භාවිතයට පහසු වන අයුරින් නිපදවේ.
ඇමරිකානු හමුදාව ද මෙවන් උපාංග මගින් ඉමහත් ප්‍රයෝජන ලබා ගනී.එය දරුණු යුධ ගැටුම් වලදී සතුරාට වඩා ඉදිරියෙන් සිටීමට උදව් වේ.විශේෂයෙන්ම Land Warrior නම් පද්ධතිය මෙවන් අනාගත යුධ පිටියේ දක්නට හැකි වන පෙරලිකාර යුධ උපකරණ පද්ධතියක් වනු ඇත.
ඇදුම් මෙන්ඇඳගෙන යා හැකි පරිගණක ක්ෂද්ර කළමණාකරණය (Micro Management) නම් සංකල්පය ආශ්‍රිතව වර්ධනය වී ඇත.එනම් සමාජය ක්‍රම ක්‍රමයෙන් නිරන්තර සොයා බැලීම (Surveillance)වලට ලක් කිරීම හා මාධ්‍ය හා තාක්ෂණීක බලපෑම්වලට වඩවඩාත් ලක් වීමයි.මෙවන් සොයා බැලීම් අපගේ පුද්ගලිකත්වයට බාධා එල්ල කරන බවට ද චෝදනා නැගේ.මෙවන් උපකරණ නිසා ඉතාමත් සුළු අපරාධ වලට පවා ඇතමුන් වැරදිකරුවන් කර ඇත.එය යම්තාක් දුරට සාධාරණ අපගේ සෑම ක්‍රියාවක් ගැනම යම් කෙනකු සෙවිල්ලෙන් සිටීම ඇත්ත වශයෙන් ම හිසරදයකි.එහෙත් මෙවන් පරිගණකයක් භාවිතා කිරීම අපගේ ඕනෑකම් මත පමණක් සිදුකර ගත හැකි නිසා අපට අවශ්‍ය නම් පුද්ගලිකත්වය රැක ගත හැක.නම ගිය සොරුන් වැනි අපරාධකරුවන් ගැන සොයා බැලීමට නම් මෙවන් පරිගණක ඉතාමත් ඉවහල් වන බව නම් සැබෑවකි.ඳගෙන යා හැකි පරිගණක (Wearable Computer)-
මුල් කාලයේ කාමරයක් පිරෙන්නට තරම් වූ පරිගණක ක්‍රම ක්‍රමයෙන් ප්‍රමාණයෙන් කුඩාවෙමින් පැමිණ වර්තමානයේ,ඉතාමත් කුඩා ප්‍රමාණයන්ගෙන් ද දැකගත හැක.එනම් අපගේ ඇදුම් මෙන් එදිනෙදා ඇගලා ගෙන යා හැකි තරම් වන ප්‍රමාණයට කුඩා වී ඇත.Wearable Computerලෙස හැදින්වෙන්නේ මෙවන් ඇඳගෙන යා හැකි පරිගණකයි.මේවා අධි තාක්ෂණය යටතේ අත් ඔර්ලෝසු,රුධිර පීඩනය මැනීමේ උපකරණ මෙන්ම තොරතුරු තාක්ෂණය ඔබ යන තැන ගෙන යෑමට හැකි කුඩා පරිගණක යනාදිය වූ විවිධ ස්වරූපයන්ගෙන් එලි දක්වා ඇත.ප්‍රසිද්ධ Knight Rider කතාවේ Michael Knight සතු අත් ඔර්ලෝසුව ද මෙම කාණ්ඩයට දැමිය හැකිය. මෙවන් පරිගණක ප්‍රයෝජනය ට ගතහැක්කේ විවිධ වූ ක්ෂේත්රයන් බොහොමයක් ඇත.හැසිරීම් රටා නිරීක්ෂණයට,මානව අංග චලනයන් අධ්‍යනයට,අපගේ සෙ ඛ්‍ය පිළිබදව සොයා බැලීමට මෙන්ම තොරතුරු තාක්ෂණය අපගේ දෝතටම ගෙනවිත් දීමට මෙවන් පරිගණක සමත්ය.රාජ්‍ය ආයතන ආරක්ෂක අංශ මෙන්ම වෛද්‍ය අංශය ද මෙම පරිගණක ඇදුම සිය කාර්යයන් සදහා යොදා ගනී. ඇඳගෙන යා හැකි පරිගණකවල විශේෂත්වය නම් එහි ක්‍රියාකාරිත්වය සදහා භාවිත කරන්නාගේ අවධානය අවශ්‍ය නොවීමයි.ඒ නිසා එය ඇඳගෙන සිටින කෙනාට සිය අත්,ඇස්,කටහඩ,තමාට අවශ්‍ය කටයුත්තක යෙදවීමට හැකිය.පරිගණකයනිසොල්මනේ තමාගේ කටයුත්ත කර ගනිමින් භාවිත කරන්නාට අවශ්‍ය උදව් සපයයි.
සාමාන්‍ය පරිගණකයකට වඩා මෙවන් පරිගණක වෙනස් වන්නේ ඉතාමත් නිරවද්‍ය හා එකදිගටම එම නිරවද්‍යතාවය පවත්වා ගෙන යාමට සමත් වීම නිසයි.(consistant)එ නිසා ඇඳගෙන යා හැකි පරිගණක ඉතාම විශ්වාසශීලි වේ.එමෙන්ම පරිගණකය හා එය භාවිතා කරන්නා අතර එක දිගටම අන්තර් සබදතා පවතී.එනම් එය කිසිවිටකත් නවතා දැමීමට හෝ පණ ගැන්වීමට අවශ්‍ය නොවේ.පැය 24 පුරාම එක දිගටම සිය සේවා සැපයිය හැකි ලෙස මෙවන් පරිගණක නිපදවා ඇත.
ඇඳගෙන යා හැකි පරිගණක වල ඇති තවත් විශේෂ හැකියාවක් නම්,එකවර ක්‍රියාවලි කිහිපයක් ඉටු කිරීමට ඒවාට හැකි වීමයි.මෙය Multi Tasking ලෙස ඉංග්‍රීසියෙන් හැදින්වේ.එහි ප්‍රයෝජනය වන්නේ එය යෙදී සිටින ක්‍රියාව නතර නොකරම තවත් ක්‍රියාවක් එවලේම සිදු කිරීමට වරම් තැබීමයි.එසේම අපගේ සිරුරේම කොටසක් ලෙස මෙවන් පරිගණක කටයුතු කරන නිසා එය අපගේ මනසට හෝ සිරුරට තවත් අමතර හැකියාවක් ලබා දීමක් වැනි වේ.
ඔබට තවත් අතක් හෝ තවත් මනසක් ඇත්නම් කොතරම් පහසු ඇද්දයි ඔබට සිතෙනු ඇත.මෙවන් පරිගණක මගින් යමතාක් දුරට සිදු කරනු ලබන්නේ එවන් ක්‍රියාවකි.
කලක් මෙවැනි සිරුරේම කොටසක් වන පරිගණක ගැන තිබූ ආකල්පය වූයේ ඒවා මගින් මිනිසා රොබෝ කෙනකු බවට පත් කරනු ඇති බවයි.විශේෂයෙන්ම Robocop හා Terminator වැනි බටහිර සිනමාපට මගින් මෙවන් මිනිසුන් ගැන කතාබහ කෙරුණි.නමුත් වර්තමානයේ ඒවා වඩාත් මිනිසා ට සමීප වන අයුරින් නිපදවේ.මිනිසා ඊට වහල්වනු වෙනුවට මෙවන් පරිගණක වලින් වඩවඩාත් සිය එදිනෙදා කටයුතු පහසු කර ගැනීමට පෙළඹී ඇත.එමෙන්ම ඇඳගෙන යා හැකි පරිගණක ද තව තවත් කාර්යක්ෂම හා භාවිතයට පහසු වන අයුරින් නිපදවේ.
ඇමරිකානු හමුදාව ද මෙවන් උපාංග මගින් ඉමහත් ප්‍රයෝජන ලබා ගනී.එය දරුණු යුධ ගැටුම් වලදී සතුරාට වඩා ඉදිරියෙන් සිටීමට උදව් වේ.විශේෂයෙන්ම Land Warrior නම් පද්ධතිය මෙවන් අනාගත යුධ පිටියේ දක්නට හැකි වන පෙරලිකාර යුධ උපකරණ පද්ධතියක් වනු ඇත.
ඇදුම් මෙන්ඇඳගෙන යා හැකි පරිගණක ක්ෂද්ර කළමණාකරණය (Micro Management) නම් සංකල්පය ආශ්‍රිතව වර්ධනය වී ඇත.එනම් සමාජය ක්‍රම ක්‍රමයෙන් නිරන්තර සොයා බැලීම (Surveillance)වලට ලක් කිරීම හා මාධ්‍ය හා තාක්ෂණීක බලපෑම්වලට වඩවඩාත් ලක් වීමයි.මෙවන් සොයා බැලීම් අපගේ පුද්ගලිකත්වයට බාධා එල්ල කරන බවට ද චෝදනා නැගේ.මෙවන් උපකරණ නිසා ඉතාමත් සුළු අපරාධ වලට පවා ඇතමුන් වැරදිකරුවන් කර ඇත.එය යම්තාක් දුරට සාධාරණ අපගේ සෑම ක්‍රියාවක් ගැනම යම් කෙනකු සෙවිල්ලෙන් සිටීම ඇත්ත වශයෙන් ම හිසරදයකි.එහෙත් මෙවන් පරිගණකයක් භාවිතා කිරීම අපගේ ඕනෑකම් මත පමණක් සිදුකර ගත හැකි නිසා අපට අවශ්‍ය නම් පුද්ගලිකත්වය රැක ගත හැක.නම ගිය සොරුන් වැනි අපරාධකරුවන් ගැන සොයා බැලීමට නම් මෙවන් පරිගණක ඉතාමත් ඉවහල් වන බව නම් සැබෑවකි.
No comments:
Post a Comment