Thursday, October 19, 2017

ප්‍රදර්ශණයකදී පොරක් වෙන්නේ මෙහෙමයි :



ප්‍රදර්ශණයකදී යම් නිර්මාණයක් ඉදිරිපත් කර ඇති අයෙකු, එසේත් නොමැතිනම් යම් කිසි විස්තර කිරීමක් ඉදිරිපත් කරන අයෙකු අපහසුතාවයට ලක් කිරීමට (තොට පොර වීමට) අවැසි නම් පහත පියවර අනුගමනය කරන්න...

◘ මුලින්ම ඒ පුද්ගලයා කියන විස්තරය සාවධානව අසාගන්න.

◘ ඔහුට අසීරු වන්නේ ඔබට අසීරු කොටසක් නොවන බව තරයේම සිහි තබා ගන්න.

◘ නිර්මාණයේ පෙනෙන දුර්වලතා ඇසීමෙන් අපහසුතාවයට ලක්වන්නේ ඔබ බව මතකයේ තබා ගන්න.

◘ එම නිර්මාණය ඔහුගේම නිර්මාණයක් නම් ක්‍රියාන්විතය අසීරුය.

◘ විස්තර කිරීමේදි ඔහු මඟහැර යන කොටස් සිහි තබා ගන්න.

◘ ඉන්පසු ඒ කොටස් එකින් එක නැවත විමසන්න, සමහරු මගහැර යන්නේ එම කොටස් ඔවුන්ට අපහසු නිසා නොවන බව සිහි තබා ගන්න.

◘ ප්‍රශ්ණ ඇසීමේ වාරය එනතෙක් සිටීම එතරම් නුවනට හුරු නොවේ.

◘ ඔබ නොදන්නා කරුණක් වූවද තේරුම් ගිය ලෙස සිටින්න, මන්දයත් ඔහුව අපහසුතාවයට ලක් කිරීමට ඔබ සැරසෙන බව හැඟුනෝතින් එම කරුන හරහා ඔබට පහර දිය හැකිය.

◘ ඒ ප්‍රශ්ණ කිරීම සිදුවන්නේ ඔබගේ දැනගැනීමට පමණක් බව ඔහුට ඒත්තු ගන්වන්න.

◘ ඔහු දහඩිය දමන අවස්ථාවක පත් වූයේ නම් මාරු වන්න

◘ තමන් පොර වීමේ කුජීත සතුට භුක්ති විදින්න...

Dreams 360+ එකේදී පොරවල් වීමට පැමිණි අයව නෝන්ඩි කිරීමේ සතුට භුක්ති විඳිමින්...

No comments:

Post a Comment