මානව පරිමාණයේ අග්‍රේෂයන් ගැන කතා කරද්දි , මැඩගස්කරයටපමණක් ආවේණික වූ ' ලෙමූර් වඳුරන්' ගැන කතා වේ. ලෙමූර් වදුරු විශේෂ කිහිපයක් අප්‍රිකා මහද්වීපයට ඔබ්බෙන් ඉන්දීය සාගරයේ පිහිටි මැඩගස්කර් කුඩා දූපතේ ජීවත් වේ.
ලොකු ඇස්, ලොකු කන් ඇති, හිසෙහි අවුල් වී ගිය ලොම් ඇති, ඉදිරිපස ගාත්රා ( අත්වල ) අසාමාන්‍ය ලෙසින් දිගුවූ කූරක් වැනි සුවිශේෂී මැද ඇඟිල්ලක් පිහිටි ' අයිඅයි (aye-aye) නැමැති නිශාචර ක්ෂිරපායී සත්වයාද අයත් වන්නේ ලෙමූර් සහ උණහපුළුවන් අයත් පවුලටය. මේ අයිඅයි ලෙමූරයන් අධික ලෙස මත්වන ( මධ්‍යසාරගතිය බෙහෙවින් වැඩි ) මල් පැණි පානය කරන බවත්, උන්ට එයින් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් නවතම පරීක්ෂණවලින් හෙළි වී ඇත.
මධ්‍යසාර සොබාදහමේ දක්නට ලැබේ. බොහෝවිට ඒවා මල්පැණි හෝ ගස්වල යුෂ වල අඩංගු වේ. වානරයන් හා වඳුරු පවුලේ සාමාජිකයන් මේ යුෂ බීමට කැමැත්තක් දක්වයි. අයිඅයි සතුන් පානය කරන මල්පැණිවල මධ්‍යසාරගතිය ඉතා වැඩි යැයිද පැවසේ.
මෙම සතාගේ අතක්.
අයිඅයි එමූරයන් සත්ව විද්‍යාත්මකව හැදින්වෙන්නේ Daubentonia madagascariensia නමිනි.
මේ සත්වයාගේ සුවිශේෂීත්වය වන්නේ ඉදිරිපස ගත්රාවල ඇති මැද ඇඟිල්ලය. එම ඇඟිල්ලෙන් ගස් බෙන හාරා ඇතුලේ සිටින පණුවන්, කුරුමිණියන් වැනි සතුන් අල්ලා ගෙන උන් ආහාරයට ගනියි
No comments:
Post a Comment