Wednesday, October 11, 2017

මුළුතැන්ගෙය වර්ණවත් කරන අපූරු උපකරණ 10ක්

මුළුතැන්ගෙය වර්ණවත් කරගන්න මෙවැනි උපකරණ අවශ්‍යමද බලන්න. මෙම උපකරණ 10න් ඔබේ ප්‍රියතම එක කුමක්දැයි ඇසුවොත් ඔබ අපහසුතාවයට ලක්වෙනවා නියතයි.

මුළුතැන් ගේ මතුවන බොහෝ දුෂ්කරතාවයන් වළක්වා ගත හැකි කුඩා උපකරණ සමුහයක් අපට හමුවුනා.අන්තර්ජාලයේ සැරිසරන ඔබට මෙවැනි නවීන හා විසිතුරු මෙවලම් නොයෙකුත් විට හමු වී ඇති.

1. පැඟිරි දියර වර්ග ඉසිනය දියර ඉසිනයට පැඟිරි සහිත පලතුරට සම්බන්ද කර එහි යුෂ ඉතා පහසුවෙන් හා ක්ෂණයකින් ලබා ගැනීමට හැකියාව ඇත.

2. අන්නාසි පෙති කපනය ඔබ අන්නාසි පොතු ගැසීමට අවබෝදයක් නොමැති අයෙක්නම් මෙය ඔබට ගොඩක් වැදගත් වේවි.

3. දියමන්ති වැනි අයිස් කැට සකසනය පලිගුවක් මෙන් ඔපවත්ව පැහැදිලිව මෙසේ සකසන්නේ කෙසේද? පුදුමයි නේද?

4. ඇපල් පොතු ගසනය එකම ඉරුවකින් මුළු ඇපල් ගෙඩියම එකවර පොතු ගහගන්න!

5. කෙසෙල් පෙති ගසනය එය ඉතාම වේගවත් වගේම එක මට්ටමට එක සමානව කැපෙන බවට සහතිකයි.

6. කේක් කපනය එකම වේගවත් සහ පහසු කපුමකින් කේක් කපන්න වගේම ලස්සනට පිළිවෙලට පිලිගන්වන්නත් හොද ක්‍රමයක් !

7. ස්වයංක්රීයව කැලතෙන ජෝගුවක් දැන් ඉතින් තේ හැන්ද සෝදන්නේ මොකටද?

8. සුදුලූණු පොතු යවනය දැන් සුදු ළූණු විනාඩියෙන් සුද්ද කරන්න.මෙම රබර් එක තුල සුදු ළූණු ගෙඩියේ ඇති පොත්ත හොදින් ඉවත් වෙනවා.

9. ඉරිගු ඉරු ගසනය දැන් පිහියකින් ඉරිගු සුද්ද කිරීම අනවශ්‍යයි.

10. ඝන පිටි ගුළි අච්චුව ඉතා පහසු සරල උපකරණයකින් ඔබ සකසන ආහාර වල ඝන පිටි ඒකාකාරව ලස්සනට කපාගන්න.

No comments:

Post a Comment